සජබයෙන් ජාජබයට පිළිතුරු ලිපියක්

April 24, 2024 - 12:52 PM
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජිත විවාදය පැවැත්වෙන දින තීරණය කිරීම සඳහා හෙට (25) හෝ අනිද්දා (26) යන දිනවලින් එකක පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සමගි ජන බලවේගය දැනුම් දෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්ස වෙත ඊයේ (23) ලිපියක් යොමු කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මේ බව දැනුම්දී තිබෙනවා.

එහි සඳහන් වන්නේ අප්‍රේල් 22 වනදා ජාතික ජන බලවේගය නිකුත් කළ ලිපියේ ආර්ථික කමිටු අතර විවාදය පිළිබඳ කිසිදු සටහනක් නොමැති  බැවින් එම විවාදයට ජාතික ජන බලවේගය එකඟතාවය පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය බවයි. 

එම ලිපිය පහතින්,

(xanin.lk)