සජබයේ රැසක් මැයි මාසෙන් පසු එජාපයට
April 29, 2024 - 12:01 PM
සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සහ ජාතික නායකයින් ඇතුළු බොහෝ පිරිසක් ලබන මැයි මාසයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමගි ජන බලවේගය නියෝජනය කරන සමහර මන්ත්‍රීවරුන් තමන්ගේ මන්ත්‍රී ධූරය පිළිබඳව තිබෙන සැකය නිසා ඍජුව එජාපයට එකතු වීමට අකමැති වුවත් බහුතර පාක්ෂික පිරිසක් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වී සිටින බවයි.
(xanin.lk)