රජයේ නිල නිවාස භාරනොදුන් අයට යළි සිහි කැඳවීම්

October 18, 2024 - 3:10 PM
හිටපු අමාත්‍යවරුන්ට රජයේ නිල නිවාස භාරදෙන ලෙස යළි සිහි කැඳවීම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් කියා සිටියේ නිල නිවාස වලින් මෙතෙක් භාරදී ඇත්තේ නිවාස 14ක් පමණක් බවයි.

එවක සිටි අමාත්‍යවරුන් 08 දෙනෙක්ට නිල නිවාස නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

නිල නිවාස භාර දීමේදී ඒවායේ හිඟ විදුලි බිල්පත් හා ජල බිල්පත් ගෙවීම අනිවාර්ය බවද අමාත්‍යාංශය සඳහන් කළා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සියලු බිල්පත් ගෙවා අවසන් කිරීමෙන් පසුව පමණක්  රජයේ නිළ නිවාස යළි භාර ගන්නා ලෙස නිළධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි.


(xanin.lk)