එජාප නියෝජ්‍ය නායකගෙන් ආපදාවට පත්වූවන්ට සහන

June 04, 2024 - 5:36 PM
ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම ආසනයේ ප්‍රදේශ කිහිපයක ගං වතුරෙන් ආපදාවට පත්වූවන්ට කඩිනම් සහන සැලසීමේ සත්කාරක වැඩසටහනක් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගේ අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ අද (04) පැවැත්වුණා.

රුවන් විජයවර්ධනගේ පෞද්ගලික ඉල්ලීම මත නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් භාණ්ඩ බෙදාදීමට අවශ්‍ය බෝට්ටු ලබා දී තිබෙනවා. 

(xanin.lk)