පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධූරය ලබා ගත්තේ නීත්‍යානුකූලව බව රවී කියයි

November 21, 2024 - 5:25 PM
සිය පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නීත්‍යානුකූලව ලබාගෙන ඇති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා.

අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ගැටලුව ඇති වී තිබෙන්නේ සුළු පිරිසකට පමණක් බවයි.

එමෙන්ම දෙන්දෙනෙක්ට තිබෙන ගැටලුවකට මුළු පක්ෂයක් බිලිදීමට නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

(xanin.lk)