තම ප්‍රකාශය ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවන බව රංගේ බණ්ඩාර කියයි

June 04, 2024 - 5:52 PM
ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට තමන් කළ ප්‍රකාශය ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසනවා.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරන ලෙස අනෙකුත් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බවත් ඔහු කියා සිටියා.

ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(xanin.lk)