නීතිපති ධූරයේ තබාගැනීමට ජනපතිට අවශ්‍යයි - අනුර කුමාර

June 30, 2024 - 11:46 AM
විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ පර්යේෂණ සඳහා තම ආණ්ඩුවක් යටතේ කිසිදු අතගැසීමක් නොකරන බව ජාතික ජනබල  වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අනුර කුමාර දිසානායක මහතා ඒ බව සඳහන් කළේ ඊයේ (29) ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අනුර කුමාර වැඩිදුරටත් කියාසිටී කරුණක් නම් අගවිනිසුරු විශ්‍රාම යන තෙක් නිතිපතිව ධූරයේ තබා ගැනීමට ජනපතිට අවශ්‍යය බවයි.

ඒ  දේශපාලන අධිකාරියේ  සියලු බලයන් තමන්ගේ අණට යටත් වියයුතුයි යන සාධකය මත බව ඔහු ප්‍රකාශ කර  සිටියා.

(xanin.lk)