මන්ත්‍රීවරුන් කැඳවීමට ජනපතිට සති දෙකක කාලයක්

July 15, 2024 - 11:07 AM
විපක්ෂයේ දේශපාලන පක්ෂ වලින් මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු කැඳවාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් සති දෙකක කාලයක් ලබා දී තිබෙනවා.

පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ ලබන 29 වැනිදාට පෙර ආණ්ඩුව එම මන්ත්‍රීවරුන් පිරිස කැඳවා  ගත යුතුව ඇති බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ තමන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ හැක්කේ අදාළ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කැඳවා ගතහොත් පමණක් බවයි.
(xanin.lk)