විපතට පත් වූවන්ට සහන දීමට ජනපති උපදෙස්

May 28, 2024 - 6:18 PM
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙසත් ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජීවිත අහිමි වූ පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල් ලබා දීමට ද මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරමින් සිටින බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.

(xanin.lk)