ජනාධිපතිවරයා මහ මැතිවරණයකට යාම පොරොන්දු කැඩීමක් - පාඨලී
May 21, 2024 - 9:42 AM
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පාර්ලිමේන්තුවේ 113 කගේ යෝජනා සම්මතයෙන් සිදු වීම කිසිදු ප්‍රශ්නයක් නොමැති වුවත්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කරා යාම පිළිගත නොහැකි බවත් එය ජනාධිපතිවරයා පත් වීමේ දී දුන් පොරොන්දු කඩ කිරීමක් බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීම අවස්ථාවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
රණවක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමට නොහැකි බවත් ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17ත් ඔක්තෝම්බර් 17ත් අතර කාලයේදී ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවයි.
(xanin.lk)