ජනපති අද පාර්ලිමේන්තුවට

June 18, 2024 - 8:42 AM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රගතිය පිළිබඳව සහ රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීමට නියමිතයි.

මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ද අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

(xanin.lk)