පාලිතගේ විශේෂ ප්‍රකාශය ලබන සඳුදා

May 30, 2024 - 12:52 PM
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර 2කින් කල් දැමීම පිළිබඳව පසුගිය 28 වැනිදා තමන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන විරෝධයට පිළිතුරු ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසනවා.

අද (30) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෙටි ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු කියා සිටියේ එළඹෙන සඳුදා (03) පෙරවරු 10.00ට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඊට පිළිතුරු ලබා දෙන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එහිදී තමන් විසින් ඒ සම්බන්ධයෙන් මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදු කරන බවත් විරෝධය දක්වන සියලුම පාර්ශවවලට ඇති ඕනෑම ප්‍රශ්නයක් තමන්ගෙන් ඇසිය හැකි බවයි.

(xanin.lk)