පැෆරල් සංවිධානය ජනපතිට අභියෝග කරන්න සැරසෙයි

June 17, 2024 - 1:52 PM
රටේ පවතින නීතියට අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට ධූර කාලය දීර්ඝ කර ගැනීමට කිසිඳු හැකියාවක් නොමැති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.

එමෙන්ම නීතියට පටහැනිව තව දුරටත් බලය දීර්ඝ කර ගැනීමට උත්සහ කළහොත් පැෆරල් සංවිධානය අධිකරණය හමුවේ අභියෝග කරන බවයි ඔහු කියා සිටියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට අනුව ජනවරමකින් බලයට පත් ජනාධිපතිවරයෙකු ධූර කාලය අවසන් වීමට පෙර ඉවත්ව ගියහොත් ඒ සඳහා සුදුසු පුද්ගලයෙකු පාර්ලිමේන්තුවෙන් පත්විය යුතු බව ද ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ එම අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට ධූරයේ රැඳී සිටිය හැක්කේ ජනවරමින් ලැබුණු කාලසීමාවේ ඉතිරි ප්‍රමාණයට පමණක් බවයි.