මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
August 10, 2024 - 4:05 PM
මැතිවරණ කොමිෂන් සභාවට නව කාර්ය මණ්ඩල සාමාජිකයන් බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවන බව පවසමින් ව්‍යාජ දැන්වීමක් හුවමාරු වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොළ කියා සිටියේ එම දැන්වීම සහිත සබැඳිය විවෘත කිරීමෙන් වළකින ලෙසයි.
එමෙන්ම එය සයිබර් වංචාවක් විය හැකි බවත් ඒ හරහා පෞද්ගලික තොරතුරු වෙනත් පාර්ශවයන් අතට පත්විය හැකි බවත් ඔහු කියා සිටියා.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ තනතුරු සඳහා නව නිලධාරී මණ්ඩලයක් බඳවා ගැනීම සම්බන්ධයෙන් ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය බවයි.
(xanin.lk)