අලුත් අවුරුද්දෙන් පසුව ශ්‍රීලනිප අර්බුද කරලියට
April 11, 2024 - 11:31 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අත්පත් කර ගැනීමේ සටන අත් නොහරින බව එම පක්ෂයේ දෙකට බෙදී ඇති පාර්ශවයන් පවසනවා.
ඒ අනුව අවුරුදු නිවාඩුවෙන් පසුව පක්ෂ මූලස්ථානය විවෘත කර එහි බලය අත්පත් කර ගෙන පක්ෂය ගොඩනගන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාර්ශවය සඳහන් කරනවා.
ඔවුන් පවසන්නේ පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර නායක නමින් නව තනතුරක් ස්ථාපනය කර සිරිසේන මහතාට තවදුරටත් සභාපතිත්වය දැරීමට ඉඩ නොදෙන බවයි.
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය පෙන්වා දෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාර්ශවයට පක්ෂයේ බලයක් නොමැති බවත් නිමල් සිරිපාල ද සිල්වා වැඩ බලන සභාපතිකමෙන් ඉවත් කරන බවත්ය.
ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
(xanin.lk)