NPPය විවාදය මගහරින බව සජබයෙන් චෝදනා

April 10, 2024 - 1:13 PM
ජාතික ජන බලවේගය විසින් සිය පක්ෂය සමඟ විවාද නොකර එය මගහැරීමට උත්සහ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව ලිඛිතවද මාධ්‍ය ප්‍රකාශයක් යවා ඇති බවත් ඉතාම කෙටි කාලයක් ඇතුළත ඒ සඳහා දිනයන් නියම කරගන්නා බවයි.

(xanin.lk)