ආණ්ඩුවේ ව්‍යාපෘතිවලට එරෙහිව ජාජබයත් ශ්‍රේෂ්ඨාධිකරණයට
May 28, 2024 - 4:56 PM
ජාතික ජන බලවේගයේ කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.
ඒ, ඉදිරි මැතිවරණ සමයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවලට වාසි සහගත වන ආකාරයේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය නොදෙන ලෙස ජනාධිපති ලේකම් ඇතුළු පිරිසකට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලමින්.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
මෙම ව්‍යාපෘති සඳහා ප්‍රජා කමිටුවලට මිලියන 10 බැගින් මුදල් වෙන් කිරීමටද තීරණය කර ඇති අතර, පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මෙම ප්‍රජා කමිටුවල කටයුතු කරන බවත් මෙම ව්‍යාපෘති හරහා ඔවුන්ට දේශපාලනික වශයෙන් වාසි ලැබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී හා පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන වාසියක් ලබා ගැනීමේ අරමුණින් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතීන් කඩ වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
(xanin.lk)