කෘෂිකර්ම ඇමති පැරිස් නුවරට

May 27, 2024 - 1:14 PM
ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ 100 වැනි සංවත්සර සමුළුව මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු දූත පිරිසක් සහභාගි වූණා.

ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Hugo Idoyaga Benitez මහතා විසින් අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිසට එම සමුළුවට සහභාගි වන ලෙස ආරාධනා කර තිබෙනවා.

(xanin.lk)