මෛත්‍රීගේ වාරණය දීර්ඝ කෙරෙයි

April 18, 2024 - 11:15 AM
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

මැයි මස 9 වැනි දක්වා එම වාරණය දීර්ඝ කිරීමටයි කොළඹ දිසා අධිකරණය අද (18) නියෝග කළේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව දිසා අධිකරණය විසින් එම නියෝගය නිකුත් කර තිබෙනවා.

(xanin.lk)