පිල් මාරුවට සුදානම් වෙන මන්ත්‍රීවරු
June 17, 2024 - 10:44 AM
විපක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 40 කට ආසන්න පිරිසක් සිය දේශපාලන පක්ෂය වෙනස් කිරීම සඳහා දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අතර ප්‍රධාන පක්ෂවල තනතුරු දරන 15 කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවයි වැඩි දුරටත් සඳහන් වන්නේ.
විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එකඟ වී ඇති අතර ආණ්ඩුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.
ඊට අමතරව තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ජාතික ජන බලවේගය සඳහා සහාය දීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පක්ෂ මාරුව සම්බන්ධයෙන් දැනටමත් නායකයන් සමඟ සාකච්ඡා කොට අවසන් කර ඇති අතර අදාළ තීන්දුව මැතිවරණය කැඳවීමෙන් පසුව ප්‍රකාශ කිරීමට නියමිතයි.
(Xanin.lk)