ලාල්කාන්තගේ ප්‍රකාශය ගැන සජබයෙන් චෝදනා

May 06, 2024 - 10:14 AM
ජනතා විමුක්ති පෙරමුණේ රජයක් යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් අධිකරණ බලයක් ගමට ලබා දෙන බවට කේ. ඩී. ලාල්කාන්ත සිදු කළ ප්‍රකාශය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බව සමගි ජන බලවේගයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී. පෙරේරා පවසනවා.

ඔහු කියා සිටියේ 88, 89 කාල වකවානුවේ දස දහස් ගණනක් මරණයට පත් කළ දේශපාලනය නැවත මතු වෙමින් පවතින බවත් ලාල්කාන්ත එකළ එම ත්‍රස්තවාදී ව්‍යාපාරයේ නායකයෙක්ව සිටි බවයි.  

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

(xanin.lk)