පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදු විය යුතුයි

April 22, 2024 - 1:32 PM
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳව දේශපාලන පොරොන්දු ලබා දිය නොහැකි බවත් එම පරීක්ෂණ කටයුතු දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදු විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

පොළොන්නරුවේදී ඊයේ (21) පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සමහර දේශපාලන පක්ෂ අදටත් පාස්කු ඉරිදා ප්‍රහාරය දේශපාලනීකරණය කිරීමට උත්සහ කරන බවයි.  

(xanin.lk)