ජනපතිවරණයෙන් මහ මැතිවරණයට බලපෑම්

May 24, 2024 - 1:55 PM
රටක් තුළ මැතිවරණයක වුවමනාව පෙළගැසෙන්නේ එම මැතිවරණය විසින් ඇති කරන ප්‍රතිඵලය ඊළඟ මැතිවරණයට බලපාන නිසා බවත් ඒ අනුව ජනාධිපතිවරණය මහ මැතිවරණයට බලපාන බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මහ මැතිවරණය ජනාධිපතිවරණයට සැලකිය යුතු බලපෑමක් ඇති නොකළත් මේ වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය මහ මැතිවරණයකට සැලකිය යුතු බලපෑමක් ඇති කරන බවයි.

ඊයේ (23) හඟුරන්කෙත පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණය පැවැත්වීමෙන් පාර්ලිමේන්තුව සම්පුර්ණයෙන් අලුත් වන බවයි. 

(xanin.lk)