ජාතික ජන බල වේගයේ ඉදිරි සැළැස්ම මෙන්න

July 01, 2024 - 8:45 PM
රනිල් වික්‍රමසිංහගේ සැළැස්ම තිබෙන්නේ සම්පත් විකිණීම බවත් ජාතික ජන බලවේගයේ සැළැස්ම තිබෙන්නේ සම්පත් විද්‍යාත්මකව පර්යේෂණ කර ගොඩනගා අපේ ආර්ථිකය දියුණු කිරීමට බවත් අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව රටේ සම්පත් ඉතා හොඳින් උපයෝජනය කරමින් නව කර්මාන්ත බිහිකිරීම සඳහා නව ගමනකට රට පරිවර්තනය කරන බව ඔහු අවධාරණය කළා.

'පුනරුදයට රටම එකට' යන තේමාව යටතේ හොරණ නගර සභා පිටියේ පැවති ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ මංගල ප්‍රචාරක රැළිය අමතමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

(xanin.lk)