ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ යෝජනා පිළිගත නොහැකි බව හර්ෂ කියයි
May 16, 2024 - 10:05 AM
ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් රජයට ඉදිරිපත් කර ඇති යෝජනා පිළිගත නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ බැඳුම්කර හිමියන් මෙරටට පැමිණි පසු ජනාධිපති, ජාතික ජන බල වේගය සහ සමගි ජන බලවේගය හමුවී සාකච්ඡා කළත් ආණ්ඩුව සහ ජාජබ ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති බවයි.
එම යෝජනා මගින් 7%ක ණය කපා හැරීමක් පමණක් සිදු වන බවත් IMF 3 වැනි වාරිකය ලැබීම සඳහා පැරිස් ක්ලබ්, චීනය, ජපානය ඊට එකඟ විය යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවැසුවේ සුවසැරිය ගිලන්රථ සේවාව සහ මෙට්‍රික්ටොන් 5000ක් ගබඩා කළ හැකි ප්‍රභාෂ්වර කෘෂි ගබඩාව කෙසේ හෝ පවත්වාගෙන යන බවත් එම ව්‍යපෘති දෙක කිසිලෙසකින් නවත්වන්න ඉඩ ලබා නොදෙන බවත්ය.
ඊයේ (15) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව කියා සිටියා.
(xanin.lk)