ග්‍රාමසේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිසමට

May 24, 2024 - 11:02 AM
ග්‍රාම නිලධාරී ව්‍යවස්ථා සංග්‍රහයේ කෙටුම්පත රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට ඉදිරිපත් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

එම කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් සකස් කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යවා ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

රාජ්‍ය සේවා කොමිසමෙන් ඊට අදාළ අනුමැතිය ලැබුණු පසු ග්‍රාම නිලධාරීන් සඳහා ගත හැකි සුදුසු ක්‍රියාමාර්ග ආණ්ඩුව පැත්තෙන් ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

(xanin.lk)