මැතිවරණය නොපැවැත්වීමට උත්සහයක්

April 16, 2024 - 9:49 AM
ජනාධිපතිවරණය නොපවත්වා යාමට හෝ මහ මැතිවරණය පළමුව පැවැත්වීමට රජයේ උත්සහයක් පවතින බවත් ඒ සඳහා විවිධ සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (15) මහනුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විවිධ පක්ෂ එකට එක් වී සාදන සියලු සංධාන ජනතාවට එරෙහි සන්ධාන බවත් ඒ හේතුවෙන් ජනතාව සංධානගත වී මහජන විපක්ෂයක් ගොඩනැගිය යුතු බවයි.     

(xanin.lk)