සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත් වෙන්න - ජනපති

July 15, 2024 - 5:06 PM
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් ඉවත්ව රට ගැන සිතා කටයුතු කරන දේශපාලන සංස්කෘතිකයක් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අත්‍යවශ්‍ය බවයි.

දේශපාලන අරමුණුවලින් බැහැරව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩපිළිවෙලට පක්ෂ, විපක්ෂ සියලු සියලු දෙනාගේ සහාය හිමිවිය යුතු බව ඔහු ප්‍රකාශ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ නීතිඥවරු පිරිසක් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි.
(xanin.lk)