පක්ෂ පහකට මහ මැතිවරණය තහනම්
October 05, 2024 - 10:23 AM
මැතිවරණ කොමිෂන් සභාවෙන් පක්ෂ පහක් පිළිබඳව විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.
එම පක්ෂ වල ලේකම්වරුන්ගේ ගැටලු පවතින බැවින් මෙවර මහ මැතිවරණය සඳහා තරග කිරීමට අවසර ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභපති ආර්. එම්. එල්. රත්නායක සඳහන් කළේ එම පක්ෂවල ලේකම්වරුන් කිහිපදෙනෙක් සිටින බවට තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව අදාළ නියෝජිතයන් කැඳවා ඒ පිළිබඳව පසුගියදා සාකච්ඡා කළද අදාළ ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟතාවයකට නොපැමිණීම නිසා මෙම තීරණය ගත් බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම පක්ෂවල නියෝජිතයින් හට මෙම ගැටලුව අධිකරණය හරහා හෝ නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.
(xanin.lk)