සජබයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධූර ගැන අවසන් තීරණය අද පස්වරුවේ
November 22, 2024 - 2:31 PM
සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්රී ධූර සඳහා නම් යෝජනා කිරීම අද (22) පස්වරුව වන විට අවසන් කරන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
පසුගියදා පැවති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්රී ධූර 5ක් හිමි වූ අතර මේ වන විට ඉන් එක් මන්ත්රී ධූරයක් සඳහා එම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර පත් කර තිබෙනවා.
අනෙක් ජාතික ලැයිස්තු මන්ත්රී ධූර 4 සඳහා සුජීව සේනසිංහ, ඩලස් අලහප්පෙරුම, මනෝ ගනේෂන් ඇතුළු කිහිපදෙනෙක්ගේ නම් ජෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)