ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට සියලුදෙනා එක්විය යුතුයි - මුජිබර් රහුමාන්

June 05, 2024 - 3:10 PM
මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව යොදන උපක්‍රම ගැන ජනතාව සහ දේශපාලන පක්ෂ අවදියෙන් සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ කූඨ උපක්‍රමවලට එරෙහිව රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් රටේ සියලු කණ්ඩායම් එක් විය යුතු බව මන්ත්‍රීවරයා කියා සිටියා.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

(xanin.lk)