මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කරයි

July 29, 2024 - 2:28 PM
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි භාර ගැනීම, එම පැමිණිලි විමර්ශනය කිරීම සහ මැතිවරණ නීති කඩ කරන්නන් ගැන සොයා බැලීමට පොලිස් කොට්ඨාස මට්ටමින් සහ පොලිස් ස්ථාන මට්ටමින් මැතිවරණ මෙහෙයුම් මැදිරි ආරම්භ කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංක කරවිට දුන් උපදෙස් මාලාවක් අනුව මෙම ජනාධිපතිවරණ මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇති බවයි.

(xanin.lk)