මැතිවරණ කොමිසම රාජ්‍ය ආයතන දැනුවත් කරයි
May 31, 2024 - 4:51 PM
ඉදිරියේදී මැතිවරණයක් පැවැත්වෙන බැවින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මැතිවරණයේදී සේවා ලබා ගන්නා සෑම රාජ්‍ය ආයතනයකටම මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා.
ඒ අනුව රජයේ මුද්‍රණාලය, තැපැල් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය ඇතුළු මැතිවරණයේදී සේවා ලබා ගන්නා සෑම රාජ්‍ය ආයතනයකටම ඒ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ ජූලි මස 15 වැනිදායින් පසුව පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට 2024 ඡන්ද හිමි නාමලේඛනය භාවිතයට ගන්නා බවත් එම නාමලේඛනය ජූලි මස 15 වැනිදා වන විට සහතික කිරීමට අපේක්ෂා කරන බවත්ය.
(xanin.lk)