රටේ සංවර්ධනයට මැතිවරණ කොමිෂන් සභාව බාධා කළේ නැහැ - කොමසාරිස් ජනරාල්

May 31, 2024 - 11:07 AM

රටේ සංවර්ධන කටයුතු නතර කරන ලෙස පවසමින් නිවේදන නිකුත් කර නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

රටක් පවත්වාගෙන යාමේදී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කළා.

එමෙන්ම මැතිවරණ කාලයකදී එම ව්‍යාපෘති දේශපාලන මැදිහත්වීම්වලින් තොරව සිදුකළ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

මැතිවරණය ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් මෙම කාල සීමාවේ පත්වීම් ලබා දීමේදී රජයේ ආයතන මැතිවරණ කොමිෂන් සභාවෙන් අවසර ලබා ගැනීම සිදුවන බවද ඔහු කියා සිටියා.

(xanin.lk)