ශ්‍රිලනිප අර්බුද ගැන මැතිවරණ කොමිසමේ තීරණය
April 19, 2024 - 10:18 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇති අභ්‍යන්තර ගැටලු විසඳීමට මැතිවරණ කොමිෂන් සභාවට නෛතික බලයක් නොමැති බව එම කොමිෂන් සභාව පෙන්වා දෙනවා.
එම පක්ෂයේ දෙපිරිසක් විසින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කර ඇති සියලුම ලිපි ලේඛන එහි සාමාජිකයින් විසින් ඊයේ (18) සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
ඒ අනුව එම කොමිසම සඳහන් කරන්නේ මේ වන විටත් නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන බැවින් ඉන් ලබා දෙන නියෝග හෝ නිර්දේශ පමණක් පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාව පවතින බවයි.
කෙසේවෙතත් ඉදිරියේදී මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවත් නිදහස් පක්ෂයේ අර්බුද පැවතුනහොත් ඔවුන්ට නාමයෝජනා ලබා දීම සම්බන්ධයෙන් මැතිවරණ ක්‍රියාවලිය යටතේ පමණක් යම් තීන්දුවක් ගැනීමට සිදු වන බව එම කොමිසම සඳහන් කරනවා.
(xanin.lk)