මැතිවරණය ගැන අධ්‍යාපන ඇමති කියයි

April 05, 2024 - 12:01 PM
මෙම වසරේදී මුදල් වෙන් කර ඇත්තේ ජනාධිපතිවරණයකට බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික විද්‍යා ආයතනය විසින් සංවිධානය කර තිබූ උත්සවයකට එක් වෙමින්.

මහ මැතිවරණයකට මුදල් වෙන් කර නොමැති බවත්, මෙම වසර තුළ නීත්‍යානුකූලව පැවැත්වීමට නියමිතව ඇත්තේ මහ මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා. 

(xanin.lk)