ජනපතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් ගැසට්ටුව නිකුත් වෙයි

August 20, 2024 - 8:34 AM
එළඹෙන ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයෙක්ට ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් එකසිය අසූ හය කෝටි අසූ දෙලක්ෂ අනූ අටදහස් පන්සීය අසූ හයක (1,868,298,586) මුදලක් වියදම් කළ හැකි බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව  එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ අපේක්ෂකයෙක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බවයි.

වියදම් කළ හැකි රුපියල් කෝටි එකසිය අසූ හයක මුදලින් 60%ක ප්‍රතිශතයක් සෘජුවම ජනාධිපති අපේක්ෂකයාට වියදම් කළ හැකි අතර සෙසු 40%ක ප්‍රතිශතය ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට වියදම් කළ හැකි බව අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්.





(xanin.lk)