ඩයනා අතුරුදන් වෙයි
May 21, 2024 - 10:36 AM
ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ නඩුවට අදාළ පැමිණිල්ල ඊයේ (20) කැඳවූ අතර එහිදී පොලීසිය ඉදිරිපත් කළ වාර්තා සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඩයනා ගමගේ මහත්මිය නඩුවේ සැකකාරිය ලෙස නම් කිරීමට නියෝග කළා.
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා ඇය පදිංචි ස්ථාන වෙත ගියද එම ස්ථානවල සැකකාරිය නොසිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධන මහේස්ත්‍රාත්වරයා හමුවේ ඊයේ (20) කරුණු දැක්වූවා.
ඇයව කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි රහස් පොලීසිය එහිදී පැවසුවේ.
(xanin.lk)