සජබය ලියාපදිංචි කළේ පුරවැසිභාවය නැති ඩයනා - කංචන

May 08, 2024 - 4:54 PM
පුරවැසිභාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැති බැවින් ඇයගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළා.

ඔහු පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ සිටින බොහෝ මන්ත්‍රී පිරිසකගේ පක්ෂය ලියාපදිංචි කර තිබෙන්නේ එලෙස පුරවැසිභාවය නැති ඩයනා ගමගේ බවත් ඒ අනුව සමගි ජන බලවේගය ඇත්තටම නීත්‍යානුකූලව වලංගු දැයි ප්‍රශ්නයක් ඇති වන බවත්ය.

(xanin.lk)