ශ්‍රීලනිප වාරණ නියෝග පිළිබඳ තීරණ අද
May 16, 2024 - 9:05 AM
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් පසුගිය 14 වැනිදා පෙත්සමක් ගොනු කළා.
එම නඩුව පිළිබඳව කරුණු සලකා බැලීමට අවසර දුන් කොළඹ දිසා අධිකරණය එම නඩුකරයෙන් ඉල්ලා තිබෙන වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඊයේ (15) අවසර ලබා දුන්නා.
ඒ අනුව එහි කරුණු සලකා බැලු කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා සිය නියෝගය අද (16) ප්‍රකාශය පත් කිරීමට නියමිතයි.
මේ අතර නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවයට බාධාවකින් තොරව පක්ෂයේ කටයුතු කර ගෙන යාමට ඉඩ දෙන්නැයි වාරණ නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කොළඹ දිසා අධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇති අතර එය ඊයේ (15) විභාගයට ගැනුණා.
එහිදී අවස්ථා 3 කදී පෙත්සමට අදාළ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා දැනුම් දුන්නේ එම වාරණ නියෝගය පිළබඳ තීරණය අද (16) ප්‍රකාශයට පත් කරන බවයි.
(xanin.lk)