ෆොන්සේකාගේ ප්රතිශෝධන පෙත්සම සලකා බැලීමට දින දෙයි
May 21, 2024 - 4:44 PM
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගොනු කර තිබෙන ප්රතිශෝධන පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (21) නියම කළා.
ඒ, එම ප්රතිශෝධන පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය තුළ දරනු ලබන තනතුරු සහ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පැනවූ වාරණ නියෝගය අත්හිටුවීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය විසින් එම ප්රතිශෝධන පෙත්සම ගොනු කර තිබෙනවා.
හිටපු යුද හමුදාපති දයා රත්නායක මහතා සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා සිදු කළ ප්‍රකාශය පදනම් කර ගෙන සජබ නායකයින් විසින් ෆොන්සේකා මහතාගේ පක්ෂ සාමාජිකත්වය හා දැරූ තනතුරුවලින් ඉවත් කිරීමේ සූදානමක් පවතින බව සඳහන් කරමින් සරත් ෆොන්සේකා මහතා විසින් කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
එම පෙත්සම විභාග කළ කොළඹ දිසා අධිකරණය සරත් ෆොන්සේකා මහතා අදාළ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළා.
එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය අත්හිටුවීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සජබ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් විසින් මෙම ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
(xanin.lk)