ශ්‍රීලනිප ගොඩගත හැකි නම් ඊට උදව් කරන බව චන්ද්‍රිකා කියයි

April 29, 2024 - 1:33 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම්කිසි තත්වයකට ගොඩනැගිය හැකි නම් තමා ඊට උදව් කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ කොළඹ පදනම් ආයතනයේදී අද (29) පැවති මාධ්‍ය හමුවේදීයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට තිබෙන දේශපාල රටාව දූෂිත බවත් තමා දැන් සිටින දේශපාලඥයන් සමඟ දේශපාලනය කිරීමට අකමැති බවයි.

එමෙන්ම ඇය අවධාරණය කළේ තමන්ට එක්සත් ජාතික පක්ෂයට උදව් කිරීමට කිසිදු අදහසක් නොමැති බවයි.

(xanin.lk)