ග්‍රාම නිලධාරී වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
May 22, 2024 - 4:55 PM
මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරිවරුන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත අද (22) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඒ අනුව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවය ස්ථාපිත කිරීම සඳහා එම සේවා ව්‍යවස්ථා කෙටුම්පත රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් එය විශාල ජයග්‍රහණයක් බවත් ඔහු සඳහන් කළා.
එහිදී GN නමින් නව වැටුප් කේතයක් ග්‍රාම නිලධාරිවරුන් සඳහා හිමි වන අතර අලුතින් එම සේවයට එක් වන ග්‍රාම නිලධාරිවරයෙකුගේ මූලික වැටුප රුපියල් 28,940 සිට රුපියල් 30,140ක් දක්වා ඉහළ යනු ඇත.
එමෙන්ම ග්‍රාම නිලධාරී සේවයේ 2 ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මූලික වැටුප රුපියල් 33,690 දක්වාත්, 3 ශ්‍රේණියේ අයෙකුගේ මූලික වැටුප රුපියල් 38,590ක් දක්වාත් ඉහළ දැමීමට නියමිතයි.
අදාළ ප්‍රාදේශීය සභා සීමාව තුළ මාසික කාර්යාල දීමනාව රුපියල් 1000 සිට 2000 දක්වාත්, නගර සභා සීමාව තුළ රුපියල් 1500 සිට 3000 දක්වාත්, වාර්ෂික ලිපි ද්‍රව්‍ය දීමනාව රුපියල් 1500 සිට 3000 දක්වාත් ඉහළ නංවා 2024.04.01 සිට ක්‍රියාත්මක කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මීට අමතරව අනෙකුත් නිල ඇඳුම්, ගමන්, සන්නිවේදන දීමනා වැඩි කිරීම සඳහා 2025 අය-වැය පිළියෙළ කිරීමේදී මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර පියවර ගැනීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)