මැතිනියගේ ජන්මදින සැමරුම BMICH පරිශ්‍රයේදී
April 11, 2024 - 1:52 PM
ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ජන්ම දිනය වෙනුවෙන් වාර්ෂිකව සිදු කරන උත්සවය මෙවරත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව පරිශ්‍රයේ පිහිටි මැතිනියගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අප්‍රේල් 17 වැනි දින සිදු කෙරෙනු ඇති.
සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක මැතිනිය 1916 අප්‍රේල් 17 වැනිදා උපත ලැබූ අතර 1959දී ඇගේ ස්වාමි පුරුෂයා වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය වීමත් සමඟ දේශපාලනයට එක් වුණා.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනිය වූ ඇය ඉන්පසුව තෙවරක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වුවා.
මැතිනිය 2000 වර්ෂයේදී විශ්‍රාම යාමෙන් මාස 2 කට පසුව ඔක්තෝබර් 10 වැනිදා අභාවප්‍රාප්ත විය.
(xanin.lk)