ජොන්ස්ටන්ට විරුද්ධව අනුරගේ පෙත්සම කල් යයි
May 29, 2024 - 1:04 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අනුර කුමාර දිසානායක ගොනු කළ පෙත්සමේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියෝග කර තිබෙනවා.
එම පෙත්සම අද (29) යළි කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා එම නියෝගය ලබා දුන්නා.
2017 වසරේ ඔක්තෝබර් මස 15 වැනිදා ඒකාබද්ධ විපක්ෂය ලෙස හඳුන්වා ගත් පිරිසක් 'ජාතික සම්පත් සුරකිමු, දේශපාලන දඩයම නවතමු' යන තේමව යටතේ තංගල්ල නගර සභා ශාලාවේදී පැවැත්වූ රැස්වීමකදී ජොන්ස්ටන් ප්‍රනාන්දු කළ ප්‍රකාශයකින් තම කීර්ති නාමයට හානි සිදු වී ඇති බව අනුර කුමාර මහතාගේ පෙත්සමේ සඳහන්.
(xanin.lk)