පක්ෂය දුන් කොන්දේසි අනුව සියලු සැලසුම් අවසන් - ධම්මික පෙරේරා

June 17, 2024 - 1:41 PM
පොහොට්ටුවේ 51% ලෑස්ති වුණොත් ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව ධම්මික පෙරේරා ප්‍රකාශ කරනවා.

ඔහු සඳහන් කරන්නේ, පක්ෂය ලබා දුන් කොන්දේසි 10 අනුව තමාගේ සැලසුම් සියල්ල සකස් කර අවසන් බවයි.

එම කොන්දේසි 10 අනුව ආර්ථිකය පවතින තත්වයෙන් ඉහළට රැගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව සැලසුම් සකස් කළ බව ඔහු කියා සිටියා.


(Xanin.lk)