ජනතාව සුහුරු විය යුතු බවට විපක්ෂ නායකගෙන් උපදෙස්

July 01, 2024 - 8:34 PM
ජනතාව බුද්ධිමත්ව ඉදිරි දේශපාලන තීන්දු තීරණ නොගතහොත් පාලකයින් නැවතත් ජනතාව මුලා කරනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ජනතාව සුහුරු විය යුතු බවත් එසේ නැතිනම් ඕනෑම වෙලාවක පාලකයන්ට ජනතාව මුලා කළ හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

සක්වල වැඩසටහන යටතේ මහනුවර ගඟවට කෝරළය ලුම්බිණි රාජකීය විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ වැඩසටනට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

(xanin.lk)