මුජිබර්ගේ මන්ත්‍රී ධූරයේ ගැටලුවට අගමැතිගෙන් උපදෙසක්
May 16, 2024 - 4:39 PM
හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමඟ පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පසුගියදා දිවුරුම් දුන්නා.
කෙසේ වෙතත් කොළඹ නගරාධිපති අපේක්ෂකයා වන මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම්දීම නිසා ඇති වී තිබෙන නෛතික ගැටලුව විසඳීම සදහා නීතිපතිවරයා හමුවී නීති උපදෙස් ලබාගත යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කළ කරුණු පෙන්වාදීමකින් අනතුරුව අගමැතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
(xanin.lk)