ගුරු - විදුහල්පති ගැටළුවලට පිළියම් යෙදීම රජයේ වැඩක්

June 28, 2024 - 4:07 PM
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා ප්‍රතිපත්ති සහ සැළසුම් සකස් කර ඇති බව සමගි ජන බලවේගය පවසනවා.

සජබය නිවේදනයක් නිකුත් කරමින් ගුරුවරුන්ගෙන් සහ ප්‍රධාන වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටියේ අනාගතයේදී දේශපාලන මනාපවලින් තොර තම ප්‍රතිපත්තිවලට සහාය දෙන ලෙසයි.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මුහුණ දෙන වැටුප් විෂමතාවලට පිළියම් යෙදීම රජයේ වගකීමක් බවද එම පක්ෂය වැඩිදුරටත් අවධාරණය කළා.

(xanin.lk)